29 C
Colombo
Saturday, March 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගොවීන්ට භූමිතෙල් බෙදාදීම අද සිට

ගොවීන්ට භූමිතෙල් බෙදාදීම අද සිට

අද (29) දිනයේ සිට කෘෂිකාර්මික ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙළ රජය විසින් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ධීවරයින්ගේ භූමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිත කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා ද භූමිතෙල් ලබාදෙන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඉන්ධන අන්තර් පළාත් දිස්ත්‍රික් හුවමාරු භාණ්ඩයක් බව සලකා කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු සෑම කෘෂි ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවා.

කෘෂි වගාවන් සඳහා භූමිතෙල් සැපයීමේදී රජයට ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් දැරීමට සිදුවන බවයි වාර්තා වන්නේ.

මේ අතර, එළැඹෙන දෙසැම්බර් 01 දා සිට ගෘහස්ථ සහ අත්‍යවශ්‍ය සේවා සඳහා සාමාන්‍ය පරිදි ගෑස් සිලින්ඩර බෙදාහැරීම සිදුවන බව ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ඊයේ (28) සඳහන් කළා.