29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි උදවු කරන්නේ ආත්මාර්ථකාමී දේශපාලන වාසි ගන්න නෙවෙයි

අපි උදවු කරන්නේ ආත්මාර්ථකාමී දේශපාලන වාසි ගන්න නෙවෙයි

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර හා සිදුකරන ආයෝජන කිසිවිටෙකත් ආත්මාර්ථකාමී දේශපාලන වාසි අපේක්ෂා කරගෙන සිදුනොකරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක – ජාඕ ලීජැයෑං පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (28) දින බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

පසුගියදා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි විසින් සිදුකරනු ලැබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන්ද ඔහු මෙහිදී ප්‍රතිචාර දක්වා තිබුණි.

සබ්‍රිගේ ප්‍රකාශයද ඔහු මෙහිදී අගය කර තිබුණි.