― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්අඩංගුවට පත් කුෂාන් රක්ෂිත බන්ධනාගාරයට

අත්අඩංගුවට පත් කුෂාන් රක්ෂිත බන්ධනාගාරයට

අද (29) අලුයම කටුනායක ගුවන්තොටුපොළේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ඊ.කුෂාන් ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා.

ඒ සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. සංචාරක වීසා මත ඕමානයේ රැකියා සඳහා ගොස් සිටි කාන්තාවන්ට ලිංගික හිරිහැර කිරීම, මිනිස් ජාවාරම් කිරීම ඇතුළු දූෂණ චෝදනා රැසක් ඔහුට එරෙහිව එල්ල වී තිබෙනවා.

සැකකරු අද අලුයම කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඕමානයේ මස්කට් නුවර සිට මෙරටට පැමිණීමෙන් අනතුරුවයි.