ලංකාවේ හතර දෙනකුගෙන් යුතු පවුලකට මාසයක් පෝෂ්‍යදායී ආහාර වේලක් ගැනීමට රුපියල් ලක්ෂයක හෝ ලක්ෂ එකහමාරක වියදමක් යන බව ගණනය කර ඇතැයි ජාතික ජන බලවේගයේ පත්කළ මන්ත්‍රිනී හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව මෙම ගණනය කිරීම කර තිබේ.
රුපියල් 100000 ක ආදායමක් තිබෙන පුද්ගලයන්ටත් බදු ගහන්න මෙවර අයවැයෙන් යෝජනා කර තිබෙන පසුබිමක් යටතේ තිබෙන තත්ත්වය ඉදිරියේදී තවත් උග්‍ර වනු ඇතැයි ඇය අවධාරණය කළාය.