― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් සහතිකයක්

ශ්‍රී ලංකාව ගැන ලෝක බැංකුවෙන් සහතිකයක්

රටේ ආර්ථික තත්ත්වය ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති කෙටිකාලීන ක්‍රියාමාර්ග පිළිබඳව තෘප්තිමත් වන බව ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුවේ මෙරට අධ්‍යක්ෂ චියෝ කන්දා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවූ අවස්ථාවේදී වත්මන් ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට ගෙන ඇති නව මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ලැබීය.

අඛණ්ඩ මධ්‍යකාලීන හා දිගු කාලීන ප්‍රයත්නයන්ගේ අවශ්‍යතාවයද ලෝක බැංකු නියෝජිතයින් අවධාරණය කළ අතර මූල්‍ය සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ ඉක්මනින් කැබිනට් මණ්ඩලය හා පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාසය පළ කළේය. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන හොඳ ප්‍රගතියක් අත්කරගෙන ඇති අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලින් අපේක්ෂිත ඩොලර් බිලියන 2.9 ක ණය මුදල ඉක්මනින් ලැබෙනු ඇතැයි නියෝජිත පිරිස මෙහිදී විශ්වාසය පළ කළහ.

දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති වල ප්‍රගතිය සහ යෝජිත අනාගත ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරුණි.

ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍යවරයා නියෝජිත පිරිස දැනුවත් කළ අතර රජයේ නව ප්‍රතිසංස්කරණ හේතුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග කටයුතු කඩිනමින් අවසන් කිරීමට හැකි වනු ඇති බවට විශ්වාසය පළ කළේය. රජයේ ආදායම ඉහළ නැංවීමේ ක්‍රියාමාර්ග මේ වනවිටත් ගෙන තිබේ. පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුගත කිරීමේ කටයුතු දැනටමත් ආරම්භ කර හෝ ක්‍රියාත්මක කර ඇත. දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද ආහාර සුරක්ෂිතතාව සහ අපනයන බෝග නිෂ්පාදනය සම්බන්ධයෙන් කටයුතු වඩාත් පුළුල් කිරීමට ද රජය කැපවී සිටින බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උපායමාර්ග හා මෙහෙයුම් අධ්‍යක්ෂ ඉලංගෝ පච්චමුත්තු, ජේෂ්ඨ මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් එම්. ගුණරත්න යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.