ගාල්ල – හබරාදුව ප්රදේශයේදී ත්රිරෝද රථයක් දුම්රියේ ගැටීමෙන් අද (01) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇති පුද්ගලයින් දෙදෙනා අතර විදේශීය ජාතික කාන්තාවක් ද සිටින බවට තොරතුරු වාර්තා වනවා.
ත්රිරෝද රථය දුම්රියේ ගැටීමෙන් අනතුරුව ගිනිගෙන විනාශ වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.