― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට දරුවන් අතර මන්දපෝෂණය හා කෘෂභාවය ඉහළට

මෙරට දරුවන් අතර මන්දපෝෂණය හා කෘෂභාවය ඉහළට

පාසල් දරුවන්ගේ කෘෂභාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.

සෑම වසරකම ඔක්තෝබර් පෝෂණ මාසයට අදාළව අවුරුදු 5ට අඩු දරුවන්ගේ බර සහ උස ගණනය කරමින් පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාල හරහා දීප ව්‍යාප්තව සිදුකරනු ලැබූ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත.

ඒ අනුව මෙම වසරේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය 15.3% දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණ වේ.

2021 වසරේදී 8.2%ක් පැවති කෘෂ දරුවන්ගේ ප්‍රතිශතය මේ වසරේදී 10.1%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට දරුවන් 18,420 දෙනෙකු උග්‍ර තීව්‍ර මන්දපෝෂණයට ලක්වී ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 1.4%කි.