29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමං විදුලිබල ඇමතිට ගරු කරන්නෑ - ජනක රත්නායක

මං විදුලිබල ඇමතිට ගරු කරන්නෑ – ජනක රත්නායක

තමා මහජන උපයෝගිතා කොමිසමේ පනතට ගරු කළද ඇමතිට ගරු නොකරන බවත් මේ අවස්ථාවේදී දේශපාලන අධිකාරිය රාජ්‍ය ප්‍රතිපත්තියට පිටින් නොයනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර සහ තමා අතර මත ගැටුමක් පමණක් ඇති බවයි.

එමෙන්ම විදුලි කප්පාදුව නොසලකා හරින ලෙස කැබිනට් පත්‍රිකාවේ සඳහන්ව තිබුණද විදුලි කප්පාදුවේ වාසිය අනිවාර්යෙන් ජනතාවට ලැබිය යුතු බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය.