― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeWorldලොව දුප්පත්ම රටවල් වාර්ෂිකව ඩොලර් බිලියන 62ක් ගෙවිය යුතුයි

ලොව දුප්පත්ම රටවල් වාර්ෂිකව ඩොලර් බිලියන 62ක් ගෙවිය යුතුයි

ලොව දුප්පත් රටවල් සිය ණය හිමියන්ට ගෙවිය යුතු ණය මුදල පසුගිය වසරට සාපේක්ෂව 35%කින් ඉහළ ගොස් ඇති බවත් අදාළ ණය බරින් තුනෙන් දෙකක්ම චීනයට ණය වී ඇති බවත් ලෝක බැංකු සභාපති ඩේවිඩ් මැල්පාස් පැවසීය.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) නිව්යෝර්ක්හි පැවති Routers NEXT සම්මන්ත්‍රණයට සහභාගි වෙමිනි.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා අවධාරණය කළේ ලෝකයේ දුප්පත්ම රටවල් නිල වශයෙන් සිය ණය හිමියන්ට වාර්ෂිකව ඩොලර් බිලියන 62ක් ගෙවිය යුතු බවයි.

දිළිඳු රටවල් සඳහා වන ණය සම්බන්ධයෙන් ආමන්ත්‍රණය කිරීමට ක්‍රමයක් නොමැති වීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වන බවත් දුප්පත් රටවල් සඳහා ණය සහන සැපයීමේදී Covid-19 ප්‍රතිපත්ති, දේපල අංශයේ කැලඹීම් සහ අනෙකුත් ආර්ථික ගැටලු පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ප්‍රධානීන් සහ චීන බලධාරීන් සමඟ ලබන සතියේදී සාකච්ඡාවක් පැවැත්වීමට බලාපොරොත්තු වන බවත් සභාපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

චීනය ලොව විශාල ණය දෙන්නන්ගෙන් කෙනෙක් වන එබැවින් චීනය මෙම ප්‍රශ්නයට සම්බන්ධ වීම මඟින් ලෝකය යන්නේ කොතැනට දැයි සිතා බැලීම සහ රටවල් සඳහා තිරසාරත්වය ළඟා කර ගැනීම සඳහා කළ යුතු දේට ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත් බවත් ඩේවිඩ් මැල්පාස් පැවසීය.