― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsනිවසේ මෝටර් රථය තුළ සිර වූ සිසුවා ජීවිතය හැර යයි

නිවසේ මෝටර් රථය තුළ සිර වූ සිසුවා ජීවිතය හැර යයි

නිවස ඉදිරිපිට නතර කර තිබූ මෝටර් රථයක් තුළ පැය තුනකට අධික කාලයක් සිරවී සිටී 17 හැවිරිදි සිසුවෙක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පිළියන්දල, මාම්පේ , ජයමාවත පදිංචිව සිටි සඳුන් නින්සර නමැති සිසුවෙක්.

මෙම සිසුවා නිවුන් සහෝදරයන් දෙදෙනකුගෙන් එක් අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මෙම සිසුවාගේ මව අනෙක් නිවුන් සහෝදරයා සමඟ පෙරේදා (30) දහවල් ජයවර්ධනපුර රෝහල කරා අවශ්‍යතාවයක් සඳහා ගොස් තිබූ අතර වැඩිමල් සහෝදරිය හා පියාද රැකියාවට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ සිසුවා පමණක් නිවසේ රැඳී සිට ඇති අතර සිසුවාගේ මිතුරෙකු නිවසට පැමිණ සිසුවා නොමැති බව දැනගැනීමත් සමඟ ඒ පිළිබඳව දුරකථනයෙන් සිසුවාගේ පියාට දැනුම්දී ඇති බව සඳහන්.

සිසුවාගේ මිතුරා නිවසට පැමිණෙන විට නිවසේ ඉදිරිපස දොර ඇර රූපවාහිනියද ක්‍රියාත්මකව තිබීමත් සමඟ සැක සිතී ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියාට දැනුම්දුන් බව මිතුරා පවසා තිබෙනවා.

පසුව මියගිය සිසුවාගේ පියා නිවසට පැමිණ සිදුකළ සොයා බැලීමකදී නිවසේ නවතා තිබූ මෝටර් රථය තුළ තම දරුවා සිරවී සිටින අයුරු දැක තිබෙනවා. අනතුරුව සිසුවා මෝටර් රථයෙන් පිටතට ගෙන කඩිනමින් දරුවා පිළියන්දල රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) සවස මෙම සිසුවා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි වාර්තා වුණේ.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අතර මෝටර් රථය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවයි පොලිසිය පැවසුවේ.