― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportමැතිව්ස්ගේ ප්‍රශ්නයට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් මෙතෙක් පිළිතුරු දී නැහැ

මැතිව්ස්ගේ ප්‍රශ්නයට ක්‍රිකට් තේරීම් කමිටුවෙන් මෙතෙක් පිළිතුරු දී නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් ජාතික කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා තිබුණා.

මැතිව්ස් විසින් මීට මාස දෙකකට පෙර තේරීම් කමිටුවෙන් අදාළ පැහැදිලි කිරීම ඉල්ලා ඇති බවයි දැනගන්නට ලැබුණේ.

කෙසේ වෙතත් එය මේ දක්වා නොලැබීම නිසා ඒ පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කිරීමට ඔහු සූදානම් වන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

දක්ෂතා අතර සිටියත් තමන් කණ්ඩායමෙන් ඉවත් කිරීම පිළිබඳව තේරීම් කමිටුවෙන් කරුණු පැහැදිලි කිරීම් ගැනීම සඳහා මැතිව්ස් විසින් මීට පෙර අවස්ථාවක් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එම අවස්ථාව නොලැබීමත් සමඟ මේ සම්බන්ධයෙන් ක්‍රීඩා බලධාරීන් දැනුවත් කිරීමට ඔහු අදහස් කර ඇති බවයි දැන ගන්නට ලැබුණේ.

2021 වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියෙන් පසු ඔහුට මේ දක්වා එක්දින කණ්ඩායමේ අවස්ථාවක් ලැබී නොමැති අතර අවසන් වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයක් ක්‍රීඩා කර ඇත්තේ 2021 වසරේ මාර්තු මාසයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.

ශ්‍රී ලංකා වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් සිදුකර ඇති මැතිව්ස්, ආබාධයක් හේතුවෙන් විවේක ගැන්වීමෙන් පසුව, සුව අතට පත්වුවද ඔහුව එක්දින හෝ විස්සයි විස්ස සංචිතයට කැඳවීමට තේරීම් කමිටුව මෙතෙක් කටයුතු කර තිබුනේ නැහැ.