24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅලුත උපන් බිළිඳිය මහපාරේ දමා ගිහින්

අලුත උපන් බිළිඳිය මහපාරේ දමා ගිහින්

පොල්පිතගම, කෝරුවාව ප්‍රධාන මාර්ගයේ කෝරුවාව විහාරය අසළ ඇති දඹ ගසක් යට අද උදෑසන 9.30 පමණ රෙදි කැබැල්ලකින් ඔතා බිළිඳියක් දමා ගොස් තිබේ.

පොල්පිතිගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් එම ස්ථානය වෙත පිටත් කර යවා තිබේ. පොලි නිලදාරීන් එම ස්ථානයට යනවිටත් දරුවා රෙදි කැබල්ල තුළට වී සුරක්ෂිතව අඬමින් සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

පොලිසිය වහාම දරුවා පොල්පිතිගම දිසා රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පොල්පිතිගම රෝහල තුළ ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම හේතුවෙන් පොලිස් ආරක්ෂාව මැද මෙම බිළිඳිය කුරුණෑගල මහ රෝහල වෙත මාරුකර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් රෝහල් ආරංචිමාර්ග පවසන්නේ බිළිඳියගේ සෞඛ්‍ය තත්වය යහපත් මට්ටමක පවතින බවයි. මෙම අපරාධය සිදු කළ පුද්ගලයින් සම්බන්ධයෙන් තවමත් නිසි තොරතුරක් ලැබී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් පොල්පිතිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.