31 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeWorldපුටින් ගෙදර පඩිපෙළෙන් ඇද වැටිලා

පුටින් ගෙදර පඩිපෙළෙන් ඇද වැටිලා

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මොස්කව් අගනුවර සිය නිල නිවසේ පඩි පෙළින් ඇද වැටී තුවාල ලබා ඇති බව ඇමෙරිකාවේ ‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෙසු විදෙස් මාධ්‍ය හෝ රුසියන් මාධ්‍ය හෝ කිසිදු පුවතක් පළ කර නැත.

රුසියානු රජය ද කිසිදු නිවේදනයක් නිකුත් කර නැත.

‘ද නිව්යෝක් පෝස්ට්’ පුවත්පත අනාවරණය කර ඇති ආකාරයට, 70 හැවිරිදි පුටින් උදර පිළිකාවකින් පීඩා විදී.

මොස්කව් අගනුවර නිල නිවසේ තරප්පු පෙළින් ඔහු ඇද වැටී ඇත්තේ ද පිළිකා රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ඔහුගේ සිරුරේ චලනයන් නිසි පරිදි කර ගැනීමට නොහැකි වූ බැවින් යැයි පැවැසෙයි.