― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපොලිස් අශ්වයින් මියයාම ගැන ඇමති ටිරාන් පරීක්ෂණ අරඹයි

පොලිස් අශ්වයින් මියයාම ගැන ඇමති ටිරාන් පරීක්ෂණ අරඹයි

නිසි පරිදි ආහාර නොලැබීම නිසා පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අධික වටිනාකමකින් යුත් අශ්වයින් 07දෙනෙකු මියගොස් ඇති බවට පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව එම කොට්ඨාසය පවසයි.

මෙම සිද්ධිය පිළිබඳව මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර මෙම අශ්වයින් මියයාම ගැන ඇමැතිවරයා පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගෙන් කරුණු විමසා සිටියත් ඔහු ඇමතිවරයා කියන තෙක් ඒ ගැන නොදැන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම අශ්වයන් හත් දෙනා ආහාර හා පෝෂ්‍යපදාර්ථ නිසි පරිදි නොලැබීමෙන් මියගොස් ඇති බවට මහජන ආරක්ෂක ඇමැතිවරයාට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඇමැතිවරයා විසින් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අශ්වාරෝහක කොට්ඨාසයේ අශ්වයන්ගේ ආහාර ඇතුළු සුබසාධන කටයුතු අධීක්ෂණය කිරීමේ වගකීම දරන උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගෙන් මහජන ආරක්ෂක ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් විමසීමක් සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ අශ්වයන්ගේ ආහාර ද්‍රව්‍ය සපයන සමාගම නිසි පරිදි ආහාර ද්‍රව්‍ය ලබා දී නොමැති බවයි.

පසුගිය කාලයේ පැවති විශේෂ සැමරුම් උත්සව කිහිපයකටම මනා සෞඛ්‍ය තත්ත්වයේ පසුවූ තරුණ අශ්වයන් 23 දෙනෙකු වරින් වර ප්‍රවාහනය කර තිබෙන නමුත් සත්වයන්ගේ සෞඛ්‍ය තත්ත්වයට අනුව ඔවුන්ව ප්‍රවාහනය කර නොමැති බවද වාර්තා වී තිබේ.

එමෙන්ම අශ්වයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කිරීමේ වගකීමද පොලිස් නිල සුනඛයන්ගේ සෞඛ්‍ය තත්ත්වය අධීක්ෂණය කරන පශු වෛද්‍ය නිලධාරීවරයා බවද ඒ කෙරෙහි හෝ විශේෂ අවධානයක් පොලිස් ප්‍රධානින් යොමුකර නැති බවද මහජන ආරක්ෂක අමාත්‍යාංශයට අනාවරණය වී තිබේ.

මේ අතර අශ්වයන් හත් දෙනෙකු මේ වසර තුළ මියගොස් ඇති බවද මේ වන විට අනාවරණය වී ඇති අතර ඔහු කියා සිටියේ අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වූ අශ්වයන් එලෙස මියගොස් තිබෙන බවය.

මීට පෙර වසරවලදි 16, 13, 09 දෙනෙකු වශයෙන් අශ්වයන් 38 දෙනෙකු මියගොස් තිබෙන බවත් ආරංචිමාර්ග අනාවරණය කරයි.