― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඅත්අඩංගුවට ගන්න හෙරොයින්වලට ඇත්තටම කරන දේ අධිකරණ ඇමති කියයි

අත්අඩංගුවට ගන්න හෙරොයින්වලට ඇත්තටම කරන දේ අධිකරණ ඇමති කියයි

පොලිස් මත්ද්‍රව්‍යනාශක අංශයේ නිලධාරින් බොහෝවිට වැටලීම් කර සොයාගත් මත්ද්‍රව්‍ය නැවතත් ඔවුන් විසින්ම ජනතාව අතරට යවන තත්ත්වයක් ඇති බවත් එවැනි වැරදි කළ නිලධාරීන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ බවත් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.

මෙරට මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ස්ථාපිත විශේෂ කාර්ය සාධක බලකායේ ඒකක 09ක් දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි පිහිටුවීමට කටයුතු කරන බව පැවසීය.

2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථා විවාදයට අද (05) පාර්ලීමේන්තුවේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පළාත් විශේෂීත කාර්ය සාධක බලකායේ පළමු ඒකකය මේ වන විට උතුරු පළාතේ ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

විසර්ජන පනත් කෙටුම්පත 2023 කාරක සභා අවස්ථාවේ විවාදයේ එකොළොස් වැනි දිනය අදයි. වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගනු ලබයි.