― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසප්ත කන්‍යාවේ කඳවුරු බැඳ සිටි 06ක් අත්අඩංගුවට

සප්ත කන්‍යාවේ කඳවුරු බැඳ සිටි 06ක් අත්අඩංගුවට

සප්ත කන්‍යා රක්ෂිතයට අනවසරෙන් ඇතුළු වී එහි දින කිහිපයක් කඳවුරු බැඳ සිටි වෛද්‍යවරුන් තිදෙනෙකු ඇතුළු හයදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිසි අවසර පත්‍රයක් නොමැතිව රක්ෂිතය තුළ කඳවුරු බැඳ සිටි මෙම පිරිස ඊයේ (05) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු මෙම පුද්ගලයින් ඇපකරයක් මත මුදාහැරි බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලය සඳහන් කළේ. ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකු සහ ඔහුන්ගේ හිතවතුන් තිදෙනෙකු ඉකුත් (02) දින පස්වරුවේ නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා ස්භාවික රක්ෂිතයට ඇතුල් වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව එම පිරිස අතුරුදහන්ව ඇති බවට ලද තොරතුරක් මත නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් සහ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ නිලධාරින් ඔවුන් සොයා මෙහෙයුමක් ආරම්භකර තිබෙනවා.

එම මෙහෙයුම අතරතුර අවසරයකින් තොරව රක්ෂිතයට ඇතුල් වී සිටි පුද්ගලයින් 06 දෙනා රක්ෂිතයෙන් පිටතට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
<ප්>අත්අඩංගුවට ගත් හයදෙනා අතර කරාපිටිය ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරියක් ද සිටින බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් මොවුන් ඇපකරයක් මත මුදාහැර ඇති අතර මෙම හයදෙනා මේ මස (27) දින හැටන් දිසා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමතයි.

වනජීවි උද්‍යාන සහ ස්භාවික රක්ෂිතවලට ඇතුල්වීමට වනජිවි අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ ලිඛිත අවසර පත්‍රයක් තිබිය යුතු බවත්, එසේ ලිඛිත අවසරයක් නොමැතිව කිසිවෙකුට එම රක්ෂිතවලට ඇතුල්වීමට අවසර හිමිවන්නේ නැහැ.