― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසුඛෝපභෝගී නෞකා දෙක නිසා යාලට වාර්තාගත ආදායමක්

සුඛෝපභෝගී නෞකා දෙක නිසා යාලට වාර්තාගත ආදායමක්

පසුගිය නොවැම්බර් 30 වැනිදා හා දෙසැම්බර් 05 වැනිදා මෙරටට පැමිණි අධි සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකෙන් පැමිණි සංචාරකයින් පිරිස හේතුවෙන් වනජීවි දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක් ලැබී ඇති බව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ඒ අනුව නොවැම්බර් මස 30 දින පැමිණි නෞකාවේ සිටි විදේශීය සංචාරකයින් 551ක් දෙනෙක් වාහන 110කින් යාල වනෝද්‍යානය නැරඹීම සඳහා පැමිණ සිටි අතර එදින වනජීවි දෙපාර්තමේන්තුවට රුපියල් 6,219, 560ක ආදායමක් ලැබී තිබේ.

එමෙන්ම දෙසැම්බර් 05 වැණිදා පැමිණි නෞකාවේ සිටි සංචාරකයින් 86 දෙනෙක් වාහන 18කින් යාල වනෝද්‍යානය නැරඹීමට ගොස් ඇති අතර එමගින් ලද ආදායම රුපියල් 9,81,981කි.

විදේශීය සංචාරකයින් පැමිණෙන අවස්ථාවන්හිදී ඔවුන්ට යාල වනෝද්‍යානය නැරඹීම සඳහා උපරිම කාලයක් ලැබෙන පරිදි ප්‍රවේශපත් නිකුත් කරන කවුළු ප්‍රමාණයක් වැඩිපුර විවෘත කර තබන්නැයි අමාත්‍යවරයා වනජීවි දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

එමෙන්ම ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත අධි සුඛෝපභෝගී නෞකාවලින් පැමිණෙන සංචාරකයින් යාල වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන්නේ නම් ඊට පෙර සංචාරක අමාත්‍යාංශය සමග සම්බන්ධ වී අදාල කටයුතු විදිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා පියවර ගන්නැයි ද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.