27.8 C
Colombo
Tuesday, August 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුතුගේ තෙමස් පිංකමට පැමිණි බිරිඳව සැමියා එලොව යවයි

පුතුගේ තෙමස් පිංකමට පැමිණි බිරිඳව සැමියා එලොව යවයි

විදෙස්ගතව සිට මෙරටට පැමිණි කාන්තාවක් සිය සැමියා විසින් ඝාතනය කර ඔහුද සියදිවි හානි කරගෙන ඇති පුවතක් ගොකරැල්ල, වෑගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 04 වැනිදා නිලූකා විජේසුන්දර නමැති අදාළ කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ ඇත්තේ මීට මාස තුනකට පෙර හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත් වූ සිය පුත්‍රයාගේ තෙමස් දානමය පිංකමට සහභාගී වීම සඳහායි.

එලෙස පැමිණ සිටි 46 හැවිරිදි තම බිරිඳ මන්නයකින් කපා කොටා ඝාතනය කර සැමියා ද වස පානය කර සියදිවි නසාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

49 හැවිරිදි අදාළ සැමියා මැදිරිගිරි ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර ඔවුන් දෙදෙනා වසර 17ක පමණ කාලයක් විවාහයෙන් වෙන්ව ජීවත්ව ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි. සැමියා විසින් ඊයේ (06) රාත්‍රියේ හොර රහසේම කාන්තාව පදිංචිව සිටි නිවස තුළට පැමිණ කාමරය තුළදීම ඇයව මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.