30.6 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ට එරෙහි නඩුවකට දින නියම කෙරේ

නාමල්ට එරෙහි නඩුවකට දින නියම කෙරේ

නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන වසරේ මැයි 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (08) නියම කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් එන්.ආර්. කන්සල්ටන්සි නමැති සමාගමක යෙදවූ බවට චෝදනා කරමින් නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

එම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කොට උද්‍රෘත නීතිපතිවරයා වෙත යොමුකර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබේ.