― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමේ වසරේ අඩුම බොරතෙල් මිල ඊයේ

මේ වසරේ අඩුම බොරතෙල් මිල ඊයේ

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් මේ වසරේ වාර්තාවූ අඩුම අගයකට පහත වැටී තිබේ.

රුසියානු – යුක්‍රේන අර්බුදය ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බි්‍රතාන්‍ය වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2.8 කින් පහත වැටී ඇති අතර අමෙරිකානු වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සියයට 2.24 කින් පහත වැටී තිබෙනවා.

ප්‍රධාන බොරතෙල් වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 77 – 78 අතර මට්ටමකයි.

ඊයේ දිනයේ දැඩි පහළ යාමක් පෙන්නුම් කළ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් අද දිනයේ යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.