― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeSportපාපන්දු ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ තරග අද සිට

පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 08 දෙනාගේ වටයේ තරග අද සිට

2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටය දින දෙකක විරාමයකින් පසු අද (09) ආරම්භ වනවා.

ඒ අනුව පාපන්දු පිටියේ ප්‍රබල කණ්ඩායමක් වන බ්‍රසීලය සහ පෙරළිකාර කණ්ඩායමක් වන ක්‍රෝඒෂියාව අද තරග බිමට පිවිසීමට නියමිතයි.

අර්ධ අවසන් පූර්ව වටයේ දෙවන තරගය හෙට (10) දිනයේදී පැවැත්වෙන්නේ මොරොක්කෝව සහ පෘතුගාලය අතරයි.

මෙම වාරයේ තවත් තරගයක් හෙට (10) දිනයේදී පවැත්වෙන අතර එම තරගයේදී ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම සහ නෙදර්ලන්තය තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.

සුපිරි 08 දෙනාගේ වටය හෙවත් අර්ධ අවසන් පූර්ව වටයේ අවසන් තරගය එංගලන්තය සහ ප්‍රංශය අතර පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේදී පරාජය වන කණ්ඩායම්වලට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවනවා.