28 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගම සිද්ධියට මහින්ද ඇතුළු පිරිසකට නොතීසි

ගෝඨාගෝගම සිද්ධියට මහින්ද ඇතුළු පිරිසකට නොතීසි

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව අධිකරණය අද (09) නොතීසි නිකුත් කර තිබේ.

ඒ මැයි 09 වැනිදා ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන 22 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වවමිනි.

මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සනත් නිශාන්ත, ප්‍රසන්න රණතුංග, බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිසකටයි මෙලෙස නොතීසි නිකුත් කර ඇත්තේ.

ගෝඨාගෝගම අරගලයට සම්බන්ධ වූ පස්දෙනෙක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙලෙස නොතීසි නිකුත් කිරීමට පියවර ගත්තේය.