26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපිළිකාව නිට්ටාවට සුව කරන අලුත් බෙහෙතක් බ්‍රිතාන්‍යයෙන්

පිළිකාව නිට්ටාවට සුව කරන අලුත් බෙහෙතක් බ්‍රිතාන්‍යයෙන්

අද වෙද්දි තාක්ෂණය ඉතා දියුණු මට්ටමකට පැමිණ ඇති බව ඔබ, මම, අප කවුරුත් දන්නා කාරණයක්. ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ තාක්ෂණයේ දියුණුව නිසාම ලෝකයේ අද වෙනකන් නිට්ටාවට සුව කළ නෙහැකි රෝගයක් සඳහා බෙහෙතක් සොයාගැනීම සම්බන්ධවයි.

බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් පිළිකාව නිට්ටාවට සුවකළ හැකි විප්ලවීය ප්‍රතිකාරයක් සාර්ථකව අත්හදා බැලීමට සමත්ව තිබෙන බව තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සුවකළ නොහැකි ලියුකේමියා රෝගයෙන් පීඩා විඳි නව යොවුන් ඇලීසා නම් තරුණිය බ්‍රිතාන්‍යයේ ලැන්කැස්ටර් නගරයේ වාසය කළ අතර බේස් එඩිටින්ග් නම් නව තාක්ෂණය යොදාගෙන එම තරුණියගේ පිළිකා රෝගී තත්ත්වය සුව කිරීමට එරට ග්‍රේට් ඕමන්ඩ් ස්ට්‍රීට් රෝහලේ වෛද්‍යවරුන් සමත්ව තිබීම මුළු ලෝකයම ලැබූ මහත් ජයග්‍රහණයක් කිව්වොත් නිවැරදියි.

ඔවුන් පවසන්නේ, බේස් එඩිටින්ග් තාක්ෂණය භාවිතයෙන් ඇගේ සිරුර තුළ ජීවමාන ඖෂධයක් නිර්මාණය කර ගත් බවයි. එම තාක්ෂණය යොදාගෙන ජාන කේත විශාලනය කර නරඹා, ජාන වෙනස් කිරීමට ලක්කිරීම එම ප්‍රතිකාරය මගින් සිදුකර තිබේ.

එමගින් ඇගේ සිරුරේ තිබූ පිළිකාකාරක ටී සෛල මරා දැමීමට හැකි නව ටී සෛල වර්ගයක් ඇගේ සිරුරේ නිර්මාණය කළ බවත් එම වෛද්‍යවරුන් පවසනවා.

පසුගිය මැයි මාසයේදී ඇය ටී සෛල ආශ්‍රිත ලියුකේමියා රෝගයෙන් පෙළෙන බවට හඳුනාගත් අතර නව ප්‍රතිකාරයෙන් මාස 6කට පසු ඇලීසාගේ පිළිකාව නිට්ටාවට සුව වී තිබේ.

රසායන චිකිත්සාව, ඇට මිඳුළු බද්ධයෙන් පවා ඇයගේ රෝගය සුව නොවූ පසුබිමක නව ප්‍රතිකාරය සාර්ථක වීම විස්මිත ජයග්‍රහණයක් බව වෛද්‍යවරුන් පවසයි.