30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැන්ඩවුස් කුණාටුවෙන් යාපනයේ ධීවර බෝට්ටු 30ක් විනාශ වෙයි

මැන්ඩවුස් කුණාටුවෙන් යාපනයේ ධීවර බෝට්ටු 30ක් විනාශ වෙයි

මැන්ඩවුස් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේ ධීවර බෝට්ටු 30 ක් විනාශ වි ඇති බව යාපනය ධීවරයින් පවසති.

යාපනය ධීවරයින් පැවසූවේ යාපනය ගුරුනගර් ප්‍රදේශයේ ධීවරයින්ගේ ධීවර බෝට්ටු 15 ක් පමණ හානියට පත් ඇති අතර යාපනය කයිට්ස් හා පේදුරුතුඩුව ධීවරයින්ගේ ධීවර බෝට්ටු රැසක්ද එලෙස විනාශයට පත්ව ඇති බවයි.

ධීවර බෝට්ටු ධීවර වරායන්වල නැංගුරම්ලා තිබුණද අදාළ බෝට්ටු පැවති අධික සුළං තත්වයට මුහුණදීමට නොහැකිව විනාශ වි ඇති බවද ධීවරයින් පවසති.

මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කයේ ධීවරයින්ගේද ධීවර බෝට්ටු කිහිපයක් විනාශ වී ඇති බව උතුරු පළාතේ ධීවරයින් සඳහන් කළහ.

සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් සතියක පමණ කාලයක් ධීවරයින්ට ධීවර රැකියාව සිදුකර ගැනීමට නොහැකි වී තිබේ.