30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋප කුලපතිට පහරදීමේ සිද්ධියට සිසුන් 10ක් හඳුනා ගැනේ

උප කුලපතිට පහරදීමේ සිද්ධියට සිසුන් 10ක් හඳුනා ගැනේ

පෙරේදා (10) රාත්‍රියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්නට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සිසුන් දසදෙනෙකු පමණ මේ වනවිට හදුනාගෙන තිබෙනවා.

මහාචාර්යවරයාගේ නිවසේ සීසීටීවී දර්ශන උපයෝගී කරගෙන එහි දේපළවලට හානි සිදුකරන සිසුන් හඳුනාගෙන තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින්ද අභ්‍යන්තර පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමඟ ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.