30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 07ක වායු දූෂණය දරුණු අතට

දිස්ත්‍රික්ක 07ක වායු දූෂණය දරුණු අතට

ඊයේ (11) දිනයට සාපේක්ෂව දිස්ත්‍රික්ක රැසක වායු ගෝලයේ දූෂණ මට්ටම අද (12) ඉහළ ගොස් තිබූ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවෙන් දැක්වේ.

ඒ අනුව ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්කවල වායු දූෂණය අද (12) පෙරවරු 10 වනවිට ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ වායූ දූෂණ තත්ත්වය 161 ක් ලෙස සටහන් වන අතර මහනුවර දිස්ත්‍රික්කයේ අගය සටහන්ව ඇත්තේ 159 ක් ලෙසයි.

මේ අතර, කොළඹ නගරයේ වායු තත්ව දර්ශකය 134 ක් ලෙස දැක්වෙනවා.

යාපනය සහ උතුර පළාතේ අගය දක්වා තිබුණේ 146 ක් ලෙසයි.

මීගමුව ප්‍රදේශයේ 144 ක් ලෙසත් අම්බලන්තොට 132 ක් සහ රත්නපුර 107 ක් ලෙස සටහන් වනවා.