26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට වයස පහට අඩු දරුවන්ගෙන් 50%කටම මන්දපෝෂණය?

මෙරට වයස පහට අඩු දරුවන්ගෙන් 50%කටම මන්දපෝෂණය?

මෙරට වයස පහට අඩු දරුවන්ගෙන් සියයට 50ක්ම ආහාර උද්ධමනය නිසා මන්දපෝෂණයෙන් පෙළෙන බව අනාවරණය වී තිබේ.

මේ බව අනාවරණය වී ඇත්තේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහාවූ ජාතික සභා අනු කමිටුවේදීය.

එමෙන්ම ආහාර හිඟය හේතුවෙන් ගර්භනී මවුවරුන්ගේ ශරීර ස්කන්ධ දර්ශක අගයද බෙහෙවින්ම අඩුව ඇති බවද එමඟින් හෙළි වී තිබේ.

එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේ ග්‍රාම නිලධාරී සහ පවුල් සෞඛ්‍ය සේවිකා වසම් මට්ටමෙන් ප්‍රමුඛතා හඳුනාගෙන මෙම සෞඛ්‍ය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් සෙවිය යුතු බවයි.