නැගෙනහිර පළාතේ මස් අලෙවිසැල් අද (12) සිට ලබන 18 වැනිදා දක්වා වසා දැමීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
පසුගියදා පැවති කාලගුණික වෙනස්වීමත් සමග ගවයින් සහ එළුවන් විශාල වශයෙන් මියයාමත් සමඟ පළාත අතර සතුන් ප්‍රවාහනය අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා නියෝගයක්ද නිකුත් කළේය.
එලෙස මියගිය සතුන්ගේ මස් අනුභව කිරීම සෞඛ්‍යට අහිතකර බව පශු වෛද්‍යවරුන්ගේ සංගමයද පැවසීය.
ඒ අනුව කුකුළු මස් හැර අනෙකුත් සියලුම මස් වෙළඳාම් වසා තැබීමට පළාත් පාලන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.


