ප්‍රවාහන අමාත්‍යවරයා අභිමතය පරිදි දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට ප්‍රකාශයට පත්කළ හොත් පසු දිනම කිසිඳු දැනුම්දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.
ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධනට ලිපියක් යොමු කරමින් එම සන්ධානය පවසන්නේ රටම අගාධයට ඇඳදැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේ නම් වෘත්තිය සමිති ව්‍යාපාරයට නිහඬව සිටිය නොහැකි බවයි.
දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමට උත්සහ කළ පළමු අවස්ථාව මෙය නොවන බවත් ඒ සෑම අවස්ථාවකදීම දුම්රිය අධිකාරී යෝජනා ඉදිරිපත් කළ ආණ්ඩු දුම්රිය වෘත්තිය සමිති සහ සේවකයන් එකතුව පරාජය කළ බවත් ඔවුන් අමාත්‍යවරයා වෙත යොමි කළ ලිපියේ දැක්වේ.


