33.4 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews06 හැවිරිදි දරුවාගේ දිවි අහිමි කළ මවගේ අනියම් පෙම

06 හැවිරිදි දරුවාගේ දිවි අහිමි කළ මවගේ අනියම් පෙම

මවගේ අනියම් සැමියාගේ පහරකෑමට ලක් වූ 06 හැවිරිදි දරුවෙක් අද (13) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස ඝාතනය කර ඇත්තේ ගම්පහ, පහලගම ප්‍රදේශයේ පදිංචි ඉඳුනිල් චතුරංග නැමැති කුඩා දරුවෙක් වන අතර පහරකෑමට ලක් වූ දරුවා
ගම්පහ මහ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.

ගම්පහ පොලිසියේ රාත්‍රී ජංගම සංචාරක නිලධාරීන්ට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් මෙම නිවසට ගොස් ඇති අතර දරුවා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

මවගේ අනියම් සැමියා මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.