28.9 C
Colombo
Saturday, August 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහ කන්නයේ සිට පොහොර බෙදාදීමෙන් රජය ඉවතට

මහ කන්නයේ සිට පොහොර බෙදාදීමෙන් රජය ඉවතට

රජය මැදිහත්වීම මත සිදු කෙරෙන පොහොර බෙදාහැරීමේ කටයුතුවලින් 2023/24 මහ කන්නයේ සිට ඉවත්වීමට අවධානය යොමු කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගන්නා බවත් වී හා බඩඉරිඟු වගාවන්ට අවශ්‍ය යුරියා හා අනෙකුත් පොහොර මිල දී ගැනීම සඳහා රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලට සහනාධාරයක් ලෙස මුදල් බැර කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව වගාවට අවශ්‍ය යුරියා පොහොර ඇතුළු සියලු පොහොර සැපයීම පුද්ගලික අංශ මගින් සිදු කරන අතර පොහොර මිලදී ගැනීමට අවශ්‍ය මුදල් රජය විසින් ගොවි ජනතාවට ලබා දෙනු ලබයි. හෙක්ටෙයාර් එකකට රුපියල් 50,000කට වැඩි මුදලක් ගොවි ජනතාවට ලබා දීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.