බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීන්දු කර තිබේ.
අභියාචනාධිකරණය බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙස එම අධිකාරියට නියෝග කරනු ලැබූ අතර පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින්.
පෙත්සම අද යළි සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබාදුන්නා.
හෙට (15) දින පෙත්සම යළි කැඳවීමට නියමිතයි.