― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeNewsසපුගස්කන්ද පිරිපහදුව හෙට වැඩ අරඹයි

සපුගස්කන්ද පිරිපහදුව හෙට වැඩ අරඹයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (16) නැවත විවෘත කරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මර්බන් නැමැති බොතෙල් මෙට්‍රික්ටොන් 90,000ක් සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ටැංකිවලට ගොඩබෑම ආරම්භ කර ඇති බවත් තවත් බොරතෙල් මෙට්‍රික්ටොන් 90,000ක් ආනයනයට ප්‍රසම්පාදන ක්‍රියාවලිය අවසන් කර ඇති බවත් තෙල් සංස්ථාව සඳහන් කරයි.

මෙවර විවෘත කිරීමෙන් පසුව ඉන්ධන වර්ග බොහොමයක නිෂ්පාදනය ආරම්භ කරන බවත් එම නිවේදනයේ දැක්වේ.

බොරතෙල් හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව පසුගිය ඔක්තෝබර් මස 7 වැනිදා සිවුවැනි වරට වසා දැමූ අතර ඒ අනුව මාස දෙකකට අධික කාලයකට පසු විවෘත කිරීම කැපී පෙනේ.