27.2 C
Colombo
Friday, August 1, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකසකස්ථානයේ ගැටුම්වලින් 164ක් ජීවිතක්ෂයට

කසකස්ථානයේ ගැටුම්වලින් 164ක් ජීවිතක්ෂයට

කසකස්ථානයේ පැන නැගී ඇති දැවැන්ත විරෝධතා හමුවේ ඇති වූ දරුණු ගැටුම්වලින් මේ වනවිට පුද්ගලයින් 164 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් වාර්තා සඳහන් කළේ විරෝධතාවලට සම්බන්ධ පුද්ගලයන් 5,000කට අධික පිරිසක් එරට ආරක්ෂක අංශ භාරයට ගෙන රඳවාගෙන සිටින බවයි.

එල්.පී. ගෑස් මිල දෙගුණයකින් ඉහළ නැංවීම නිසා කසක්ස්ථානයේ පැන නැගුණු විරෝධතා මර්දනය කිරීමට රුසියානු හමුදාව කැඳවීමට එරට ජනාධිපති කසායම් ටොකයෙව් පසුගියදා පියවර ගත් අතර විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් ලෙස හඳුන්වා දුන් ජනාධිපතිවරයා අණ දුන්නේ ප්‍රචන්ඩකාරීන්ට දුටුතැන වෙඩි තබන ලෙසයි.