26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවසන්තව බූස්සට මාරු කිරීම ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක්

වසන්තව බූස්සට මාරු කිරීම ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බූස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට බලධාරීන් සූදානම් වන බවත් එසේ කළහොත් එය ඔහුගේ ජීවිතය අනතුරේ හෙළීමක් බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊයේ (15) මාධ්‍යයට පැවසීය.

මෙය කුමන්ත්‍රණයක් යැයිද පැවසූ නාගමුව බූස්ස බන්ධනාගාරයේදී මින් පෙර රැඳවියන් පිරිසක් ඝාතනය වූ බව අමතක නොකළ යුතු යැයිද සඳහන් කළේය.

වසන්ත මුදලිගේට එරෙහිව අධිකරණයට සාක්ෂි ගොනු කිරීමට ත්‍රස්ත විමර්ශන ඒකකයට නොහැකි වූ බවත් මෙසේ බන්ධනාගාරය මාරු කරන්න හදන්නේ එවැනි පසුබිමක බවත් නාගමුව වැඩිදුරටත් සඳහන් කළා.