― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපිරිසකගේ වද හිංසාවට ලක් වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ජීවිතක්ෂයට

පිරිසකගේ වද හිංසාවට ලක් වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ජීවිතක්ෂයට

බොරැල්ල සුසාන භූමිය තුළදී ගෙල සිර වන සේ පිරිසකගේ කෲර වධහිංසාවට ලක්වූ ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ශාෆ්ටර් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්‍රියෙ මියගිය බව බොරැල්ල පොලිසිය පවසයි.

ඔහු මියයන විට 51 හැවිරිදි වියේ පසුවිය. රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් ලබාදීමට නියමිත පුද්ගලයකු හමුවීම සඳහා යන බව බිරිඳට පවසමින් කුරුඳුවත්ත මල් පාර නිවසින් සභාපතිවරයා ඊයේ 15 දහවල් පිටත්ව ගොස් තිබූ බව පොලීසිය කියයි.

ඔහුගේ බිරිඳ මද වේලාවකදී ඔහුට දුරකථන ඇමතුම් ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේ සභාපතිවරයාගේ දුරකථනය ක්‍රියා විරහිත වී තිබේ. බිරිඳගේ ජංගම දුරකථනයට ඔහු බොරැල්ල සුසාන භූමිය තුළ රැඳී සිටින බවට සංඥා ලැබී ඇතැයි පොලිසිය කියයි.

වහා ක්‍රියාත්මක වූ සභාපතිවරයාගේ බිරිඳ සමාගමේ විධායක නිලධාරියකුට ඒ බව පවසා බොරැල්ල සුසාන භූමිය වෙත එවා ඇති අතර ඔහු පැමිණ කළ සොයා බැලීමේදී සභාපතිවරයා පැමිණි මෝටර් රථයේ රියදුරු අසුන මත ඔහුගේ දේත් ගැට ගසා ගෙලට වයරයක් දමා සිරකර තිබෙන අයුරු දැක තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

වහා ක්‍රියාත්මක වූ විධායක නිලධාරියා සුසාන භූමියේ කම්කරු සේවකයකුගේ උදව් උපකාර ඇතිව සභාපතිවරයාගේ අත් දෙක සහ ගෙල තද වන ලෙස ගැටගසා තිබූ වයර් ඉවත්කර ඔහු කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබූ බව පොලිසිය කියයි.

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි සභාපතිවරයාගේ කිසිදු ප්‍රකාශයක් ගැනීමට නොහැකි වන ලෙස ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බවත් ඊයේ රාත්‍රී 11.30ට පමණ ඔහු මියගිය බවත් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.

සභාපතිවරයාගේ මෝටර් රථය අසල සිට නාඳුනන පුද්ගලයකු පිටත් වන අයුරු සුසාන භූමියේ සිටි කම්කරු සේවකයෙකු දැක තිබූ බව පොලිසිය කියයි. ප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයෙකු රුපියල් කෝටි ගණනාවක ණය මුදලක් සභාපතිවරයාට ලබාගෙන තිබෙන අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි තුනක්ද සභාපතිවරයා සිදුකර ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

කිසියම් පිරිසක් එක්ව සභාපතිවරයා පැහැරගෙන සුසාන භූමිය වෙත රැගෙනවිත් මෙලෙස කෲර වද හිංසා කර ගෙල සිර කිරීම හේතුවෙන් ඝාතනය වන්නට ඇති බව බොහෝදුරට සැක කළ හැකි බවයි පොලීසිය පවසන්නේ. බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ජේ. එම්. ආර්. සමරසිංහගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.