නැවතත් ජල ගාස්තු වැඩි කිරීමට රජය කටයුතු කරමින් සිටින බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජල ගාස්තුව වැඩි නොකළහොත් ජල සම්පාදන මණ්ඩලය විශාල අර්බුදයකට ලක්වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
“වතුර ලීටර් බෝතලයක් රුපියල් 100කට වඩා වැඩියි. නමුත් පානීය ජලය ලීටරයක් ජල සම්පාදන මණ්ඩලයෙන් සියයට 2 කට බෙදා දෙනවා. ජල ලීටරයක් නිෂ්පාදනය කිරීමට සියයට 3.5ක් වැය වෙනවා. ඒක නිසා ජල ගාස්තුව ඉහළ නැංවීමේ අවශ්‍යතාවක් තිබෙනවා.“