― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශපාලඥයිනුත් 60න් විශ්‍රාම යා යුතුයි - 60 පැන්න ජී. එල්ට ගැටඹේ විහාරාධිපති...

දේශපාලඥයිනුත් 60න් විශ්‍රාම යා යුතුයි – 60 පැන්න ජී. එල්ට ගැටඹේ විහාරාධිපති කියයි

රාජ්‍ය සේවයේ වෛද්‍යවරු, ඉංජිනේරුවරු ඇතුළු වෙනත් වෘත්තිකයන් වයස අවුරුදු හැටෙන් විශ්‍රාම යන්නේ නම් සියලුම දේශපාලනඥයන්ටද එම නීතිය අනිවාර්යයෙන්ම බල පැවැත්විය යුතු බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියෝ පැවසූහ

උන්වහන්සේ මේ බව සඳහන් කළේ ඊයේ (18) පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් ගැටඹේ විහාරයට පැමිණි අවථාවේදී අදහස් දක්වමිනි.

අග්‍රාමාත්‍යවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා සියලු රාජ්‍ය සේවකයෝ වයස අවුරුදු හැටේදි විශ්‍රාම ගත යුතුයි කියලා. එහෙම කියන්නේ වයස අවුරුදු හැටෙන් පසුව මිනිසුන්ගේ ශාරීරික, මානසික, සෞඛ්‍යයමය අපහසුතා මෙන්ම වෙනත් දුර්වලතා ඇති වෙන නිසා වෙන්ඩ ඇති විශ්‍රාම වයස අවුරුදු හැට වශයෙන් තීරණය කරලා තියෙන්නේ, වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙන්නේ. එහෙම නම් දේශපාලඥයෝ කොහොමද අවුරුදු හැටෙන් පස්සෙත් වැඩ කරන්නේ. ඒ අයටත් එම නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ අය බේරිලා රජයේ සේවකයෝ ටික විතරක් විශ්‍රාම යවන්න කටයුතු කිරීම විශාල අසාධාරණයක් වශයෙනුයි අපි දකින්නේ. රජයේ සේවකයන්ට වැඩ කරන්න බැරිනම් දේශපාලඥයෝ කොහොමද වැඩ කරන්නේ. මේක හරිම හාස්‍යජනක කරුණක්. මහා සංඝරත්නය වශයෙන් අපි කියන්නේ මේ රටේ දේශපාලනඥයෝ වයස අවුරුදු 60 න් පසු ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගිහිල්ලා වැඩ කරන්න පුළුවන් තරුණ අයට අවස්ථාව දෙන්න කියලයි. එහෙම නැතුව හැරමිටියෙන් යනකං පාර්ලිමේන්තුවේ ඉන්න අවශ්‍ය නෑ.

මහජන සේවය කියලා බොහෝ අය කර ගන්නේ තමන්ට ම සේවය කර ගැනීම තමයි බොහෝ අය වරප්‍රසාද, වරදාන නිසා පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම යන්න හිතන්නෙවත් නෑ. මේ ක්‍රමය වෙනස් කරලා තරුණ කණ්ඩායම් වලට අවස්ථාව දිය යුතුයි. පාර්ලිමේන්තුව කියන්නේ රට වෙනුවෙන් තීන්දු තීරණ ගන්න, නීති හදන බලවත්ම තැන ඉතින් මෙතන වැඩ කරන්න බැරි, හිතන්න බැරි, සෞඛ්‍යය පිරිහීමට ලක් වූ අය කටයුතු කරල රටක් ගොඩ ගන්නේ කොහොමද. වයස අවුරුදු හැට පැනපු විද්වතුන් හෝ තවත් අය ඉන්නවනම් ඒ අයගෙන් සමන්විත ස්වේච්ඡාවෙන් වැඩ කරන පාර්ලිමේන්තු උපදේශක සභාවක් පිහිටුවල එයාලගේ සේවය ලබාගන්න පුළුවන්. මහජනතාවට අද ජීවන බර උහුලන්න බෑ. රටේ කිසිම දෙයක් කරන්න මුදල් නෑ කිව්වට දිනෙන් දින ඇමති මණ්ඩලය වැඩි වෙනවා. ඒවට වියදම් කරන්න රටේ සම්පත් විකුණන්න හදනවා. මේ වගේ දේවල් නවත්තලා දේශපාලන මතිමතාන්තර පැත්තකට දාලා සියලුම දෙනා එක් වෙලා රට වැටී තිබෙන ආගාධයෙන් ගොඩ ගන්න කෙටි කාලයකට හෝ එක්ව කටයුතු කරන්නැයි කියලා අපි ඉල්ලා සිටිනවා.