― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපන්සලටම පැමිණ 17 හැවිරිදි හිමිනමට වස පොවලා - හිමිනමට බරපතළයි

පන්සලටම පැමිණ 17 හැවිරිදි හිමිනමට වස පොවලා – හිමිනමට බරපතළයි

මල්වතු මහා විහාරයට අයත් මහනුවර ඓතිහාසික හිඳගල රජමහා විහාරයේ වැඩ වාසය කරන 17 හැවිරිදි හිමිනමකට බලහත්කාරයෙන් වස පොවා පැරසිටමෝල් පෙති විශාල ප්‍රමාණයක් ගිල්ලවීමෙන් බරපතළ තත්ත්වයට පත්ව පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඊයේ (18) පෙරවරු 11.00 ට පමණ මෙම සිදුවීම සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

වස බෝතලයක් ඇතැතිව විහාර භූමියට ඇතුළු වූ පුද්ගලයෙකු හිමිනමගේ ගෙළට පිහියක් තබා වස බෝතලය බලහත්කාරයෙන් හිමිනමට පොවා ඇති බවයි දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා දින කිහිපය සිට විහාර භූමියට ආ ගිය අයෙක් බවට හඳුනාගෙන ඇති බව හිඳගල රජමහා විහාරවාසි පූජ්‍ය ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන් සඳහන් කළේ. බලහත්කාරයෙන් වස පෙවීමට උත්සහා ගත් අවස්ථාවේදී හිමිනමගේ මුහුණ ප්‍රදේශයට තුවාල සිදුව ඇති අතර රෝහල් ගත කරන අවස්ථාවේ දී අදාළ හිමිනම සිහිසුන් තත්ත්වයේ පසු වූ බවයි දැනගන්නට ලැබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ ඇඹිල්මීගම පඤ්ඤාකිත්ති හිමියන්,

විහාර භූමියට දින තුනක පමණ කාලයක් තිස්සේ, නාඳුනන පුද්ගලයෙක් පැමිණ තිබෙනවා. ඔහු ඊයේ (18) පෙරවරුවේ විහාරස්ථානය පහළ නුග ගස අසළ සිටිනු දහම් පාසලේ උගන්වමින් සිටි ධම්මරතන හිමි දැක ඒ බව මට දැනුම් දුන්නා. මම ගිහින් කවුද කියලා බලන්න ද කියලා මගෙන් ඇහුවා. ගියාට කමක් නැහැ මොනවා හරි ප්‍රශ්නයක් නම් සෝභිත පොඩි හාමුදුරුවෝ දැනුවත් කරන්න කියලා මම උපදෙස් දුන්නා. පසුව මම දළදා මාලිගාවට ගියා. එතන දී සෝභිත හිමි දුරකථනයෙන් කතා කරලා කිව්වා පොඩි හාමුදුරුවන්ට වස පොවලා හොඳටම අමාරුයි කියලා. නුග ගස අසළ සිටි පුද්ගලයාට ඉවත්ව යන ලෙස දැනුම් දුන් අවස්ථාවේ ඔහු හාමුදුරුවන් පස්සෙන් පන්නාගෙන ඇවිත් ගෙළට පිහියක් තියලා වස බෝතලය පොවා ඇළට තල්ලු කරලා තිබෙන බව තමයි දැන ගන්න තියෙන්නේ. අතේ තිබුණු පැරසිටමෝල් කාඩ් එකක් අරන් එකෙන් පෙති විශාල ප්‍රමාණයක් ඔහු පොඩි හාමුදුරුවන්ට පොවලා තියනවා.