2021 වසරේදී විදුලිබල මණ්ඩලය විසින් සේවක වැටුප් 25%කින් වැඩි කරගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
නවතම විගණන වාර්තාවෙන් හෙළි වී ඇත්තේ විදුලිබල මණ්ඩලය අඛණ්ඩව පාඩු ලබමින් තිබියදී මෙම වැටුප් වැඩි කරගැනීම තුළින් සිදුවු අහිතකර බලපැම දළ වශයෙන් රුපියල් බිලියන 9.6ක් බවයි.
එමෙන්ම රුපියල් බිලියන 2.7ක ප්රසාද දීමනා ලංවිම සේවකයින්ට ගෙවා ඇති බවත් එම වාර්තාවෙන් හෙළිදරවු වී තිබේ.