27.2 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතහනම් මත්ස්‍ය විශේෂයක් ඇල්ලූ ධීවරයින් 02ක් අත්අඩංගුවට

තහනම් මත්ස්‍ය විශේෂයක් ඇල්ලූ ධීවරයින් 02ක් අත්අඩංගුවට

තහනම් මත්ස්‍ය විශේෂයක් වන කස මෝරුන් දෙදෙනෙකු මරා බේරුවල ධීවර වරායට රැගෙන එමින් සිටි ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට බේරුවල වෙරළ ආරක්ෂක බළකා නිලධාරීන් සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බේරුවල ධීවර වරායෙන් මුහුදු ගිය බේරුවල ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු බව සදහන් වේ.

සැකකරුවන් IMUL -A- 0800 KLT අංක දරණ ලක්ප්‍රිය 18 නමැති බහුදින යාත්‍රාවෙන් මුහුදු ගොස් එමින් සිටියදී වෙරළ ආරක්ෂක නිලධාරීන්ට ලද තොරතුරක් මත පරීක්ෂා කිරීමේදී, කිලෝ 40 යි ග්‍රැම් 100 ක් බරැති තහනම් කස මෝරු මත්ස්‍යමත්ස්‍ය කොටස් සොයාගත් බව වෙරළ ආරක්ෂක බළකාය සදහන් කරයි.

සැකකරුවන් දෙදෙනා මත්ස්‍ය කොටස් සමග බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබේ.

බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලය සමග කළුතර ධීවර පරික්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වති.