― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලෝක ශූරයන් බලන්න ඇවිත් යුධ පිටියක් වූ ආජන්ටිනාව

ලෝක ශූරයන් බලන්න ඇවිත් යුධ පිටියක් වූ ආජන්ටිනාව

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ උත්සව අතරතුර කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා ඔවුන්ගේ බසය ගමන් ගන්නා මාර්ගය දෙපස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් එක් රැස් ව සිට ඇති අතර බසය ගමන් ගන්නා මාර්ගයට ඉහළින් තිබූ පාලමක සිට ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට ක්‍රීඩා ලෝලීන් පැනීමත් සමඟ ආර්ජන්ටිනා කණ්ඩායම ගුවනින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට සිදුවූ බව විදෙස් මාධ්‍ය පෙන්වා දී ඇත.

පාලම මත සිට ක්‍රීඩා ලෝලියෙකු ආර්ජන්ටිනා කණ්ඩායම ගමන් ගත් බසයට පැනීමට යාමේදී බිමට ඇද වැටෙන වීඩියෝ දර්ශනයක්ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්ව ඇත. 

සැමරුම් අතර ඇතිවූ අනතුරු හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු 5ක් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ලෝක ශූර ආර්ජන්ටිනා කණ්ඩායම පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ පෙළපාලිය ඉක්මනින් අවසාන වීම නිසා කෝප වූ ක්‍රීඩා ලෝලීන් විසුරුවා හරිම සඳහා ආර්ජන්ටිනා කැරලි මර්දන පොලිසිය කැඳවීමට සිදු වූ බව ආර්ජන්ටිනා බලධාරීහු පැවසූහ.