― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසිසුවියකට මත්පැන් පොවා දූෂණය කළ පෙම්වතා අත්අඩංගුවට

සිසුවියකට මත්පැන් පොවා දූෂණය කළ පෙම්වතා අත්අඩංගුවට

බාලවයස්කාර පාසල් සිසුවියකට බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දුෂණය කළ බව කියන පුවතක් රක්වාන ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු 24 හැවිරිදි වියේ පසුවන රක්වාන පොලිස් වසමේ පදිංචි විවාහක එක්දරු පියෙකි.

මෙම පුද්ගලයා රක්වාන පදිංචි අවුරුදු පහළොවක් වයස බාලවයස්කාර දැරියක් මෙලෙස ත්‍රීරෝද රථයකින් පැහැරගෙන පාළු නිවසකට රැගෙන ගොස් බලහත්කාරයෙන් අරක්කු පොවා වෙරි වූ පසු දූෂණය කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙම සැකකරු මෙම බාලවයස්කාර දැරිය දූෂණය කළ පසු ඔහුගේ මිතුරන් දෙදෙනකුද ඒ අවස්ථාවෙම බරපතළ ලෙස ඇය ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු සමඟ මෙම සිසුවිය ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි.

සිසුවිය බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බව කියන අනික් පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකය.