ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති තනතුරට විශ්‍රාමික ජෙනරාල් H.S.H. කෝට්ටෙගොඩ පත්කර තිබෙනවා.
අදාළ තනතුර සඳහා වසර 5ක කාලයක් වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි ඔහු නම්කර ඇත්තේ.
ඒ අනුව ජනාධි්පති ලේකම්වරයා විසින් ජෙනරාල් H.S.H කෝට්ටේගොඩ වෙත ලිපියක් යොමු කරමින් වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ තනතුර භාරගන්නා ලෙසට දන්වා ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.