― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරජයේ සේවකයින්ගේ වැටුප් ගෙවන්න රජයට සල්ලි මදි

රජයේ සේවකයින්ගේ වැටුප් ගෙවන්න රජයට සල්ලි මදි

රාජ්‍ය සේවක මාසික වැටුප් සහ විශ්‍රාමික වැටුප් ගෙවීමට රජයේ මාසික ආදායම ප්‍රමාණවත් නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

ජනවාරි මස පළමුවනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට සිදු කරන නව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීයි ඔහු මෙම අදහස් පළ කළේ.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කියාසිටියේ රජයට මාසිකව රුපියල් බිලියන 145ක පමණ ආදායමක් ලැබුණ ද වැටුප් ගෙවීමට රුපියල් බිලියන 93ක් වැය වන බවයි. විශ්‍රාම වැටුප් ගෙවීමට රුපියල් බිලියන 27ක් වැය වන අතර සමෘද්ධි සහනාධාර ගෙවීම වෙනුවෙන් රුපියල් බිලියන 6ක් වැයවන බව ඔහු පෙන්වා දෙනවා.

සමාජ සුබ සාධන කටයුතු වෙනුවෙන් ද විශාල මුදලක් වැයවන අතර මෙම මුදල් එකතු කර බැලීමේදී ආසන්න වශයෙන් රුපියල් බිලියන 154ක් වැය වන බවයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ.

පොලිය ණය ආපසු ගෙවීම් සහ සහ අනෙකුත් වියදම් මීට ඇතුලත් නොවන බවත් රාජ්‍ය මූල්‍ය තත්ත්වය පවතින්නේ එතරම් දරුණු මට්ටමක බවත් ඔහු අවධාරණය කලා. මෙවැනි පසුබිමක් තුල රාජ්‍ය අංශයේ ආදායම වැඩිකර ගැනීමට සහ වියදම් අඩුකර ගැනීමට රාජ්‍ය මූල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කර තිබෙනවා.

කෙසේවෙතත් ආදායම එකවර වැඩිකර ගත් ආකාරයෙන් වියදම අඩුකර ගැනීමට නොහැකි බවයි මහින්ද සිරිවර්ධන මහතා කියාසිටියේ. එමෙන්ම අර්බුධ අවස්ථාවේ දිළිඳු පුද්ගලයන් රැක බලා ගැනීම ඇතුලු කරුණු වෙනුවෙන් ද රජයට මුදල් වියදම් කිරීමට සිදුවූ බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.