28 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දුන් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනා දුන් කණ්ඩායම දිවයිනට

ඇබකස් ඔලිම්පියාඩ් ජාත්‍යන්තර තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 18 දිනාදීමට එම තරගාවලිය සඳහා සහභාගී වූ ශිෂ්‍යයන් සමත් වී තිබේ.

මෙම සිසුන් එම පදක්කම් රැගෙන අද (23) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 18 වැනිදා තායිවානයේ තායිපේ නුවර පැවතිණි. මෙම ඇබකස් ඔලිම්පියාඩ් තරගාවලිය වයස් කාණ්ඩ අනුව පැවැත්වෙන ලෝකයේ වේගවත්ම ගණිත තරගාවලිය ලෙස හැදින්වේ.

මෙම ජයග්‍රහණයන් රැගත් සිසුන් කණ්ඩායම අද 23 අලුයම 12.00ට සිංගප්පූරුවේ සිට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්. 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.