27.2 C
Colombo
Monday, July 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවිත 35,000ක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18යි

ජීවිත 35,000ක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18යි

රුදුරු සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 18ක් සපිරෙනවා.

ඒ වෙනුවෙන් අද (26) පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට ද කටයුතු කර තිබෙනවා.

2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා ඇති වූ සුනාමි ව්‍යසනයට මෙරට මුහුදුබඩ දිස්ත්‍රික් 14ක් ගොදුරු වුණා.

ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බටහිර වෙරළට ඈතින් හටගත් භූමිකම්පාවෙන් ඇති වූ සුනාමි රළ පහරින් අහිමි වූ මෙරට ජිවිත සංඛ්‍යාව 35,000කට අධිකයි.

මේ හේතුවෙන් සුනාමි ව්‍යසනයෙන් මිය ගිය ජනතාව සිහිපත් කිරීම සඳහා 2005 අංක 15/1975/715/001-1 දරන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව 2006 වර්ෂයේ සිට සෑම වසරකම දෙසැම්බර් මස 26 වැණිදා ‘ජාතික සුරක්ෂිත දිනය’ ලෙසට ප්‍රකාශයට පත් කර තිබෙනවා.