24 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජ්‍ය සේවය තුලනය කිරීමට අගමැති ලේකම්ගෙන් කමිටුවක්

රාජ්‍ය සේවය තුලනය කිරීමට අගමැති ලේකම්ගෙන් කමිටුවක්

රාජ්‍ය සේවය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අදාළ තීරණ ගැනීම සඳහා කමිටුවක් පත්කර තිබේ.

මෙම කමිටුව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති අතර එම කමිටුව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු සාමාජිකයින් පත්කර ඇත.

වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණයට අදාළව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් රාජ්‍ය සේවකයින් තුලනය කිරීමේ අරමුණින් මෙම කමිටුව පත් කර තිබේ.