― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම 29 වැනිදා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම 29 වැනිදා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව බව වාර්තා වනවා.

සිවිල් සමාජයේ නියෝජිතයන් පත් කිරීම සඳහා පසුගියදා අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් 120කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වුණේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයෝ 10ක් ඇතුළත් වනවා.