― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරියදුරන්ගේ වැරදි ලකුණු ක්‍රමය ජනවාරියේ සිට

රියදුරන්ගේ වැරදි ලකුණු ක්‍රමය ජනවාරියේ සිට

රථවාහන ධාවනය කිරීමේදී රියදුරුගේ අතින් සිදුවන වැරදි ලකුණු කරන ‘රියදුරු කුසලතා ලකුණු ක්‍රමය’ ලබන ජනවාරියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවසුවේ ඒ අනුව රිය ධාවනයේදී රියදුරු අතින් මහමඟ සිදුවන වැරදි සඳහා නව ක්‍රමය යටතේ කුසලතා ලකුණු ලබාදීමේ සහ ඊට අදාළ දඩුවම් පැනවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට නියමිත බවයි.

ඊට අදාළ මූලික ක්‍රමවේදය මේ වන විට සකස් කර ඇති අතර එය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට නියමිතය.